ලිට්රෝ සමාගම ආනයනය කරන ලද ගෑස් තොගය ඊයේ(17) සවස කොළඹ වරායට ගොඩබෑමට අදාල අවසරය ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි. විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදුකිරිමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව ද ඔහු කියයි.. නෞකාව දින හයක් ක් නැංගුරම්ලා තිබිණි. ඉතිරි නැව් දෙකේද පරික්ෂණ අවසන් වු පසු නියමිත ප්රමිතයෙන් යුක්ත නම් පමණක් ගොඩබෑමට අවසර ලබා දෙන අත ඉකුත් කාලයේ සිදුවු ගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදුකෙරේ. ගෑස් උපාංග සම්බන්ධ ප්‍රමිතියට අදාලව ඉදිරියේ දී දැඩි තීරණ හා නිර්දේශ ගැනීමට නියමිතව ඇතැයි ද හෙතෙම සදහන් කරයි.නමුදු මේ වන විටත් රට පුරා ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති අතර ආහාර පිසීම පිණිස භූමිතෙල් උදුන් භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ නැඟී තිබේ.