ලිට්‍රෝ ගෑස් ගමට නො එන ළකුණු

ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැපයීමට තීරණය කර තිබීම මත ඉදිරි කාලයේ ග්‍රාමීය ප්‍රදේශ වල ගෑස් අලෙවිය අත්හිටුවීමට සිදු විය හැකි බව ප්‍රාදේශීය ලිට්‍රෝ ගෑස් නියෝජිතවරු කියති. ලිට්‍රෝ සභාපති විජිත හේරත් පවසන්නේ රට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් ගෑස් සැපයුම නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සිදු කරන බවකි.. ඒ අනුව මෙතෙක් දෛනික සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම ඉදිරියේදී ගෑස් සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇතැයි ද සභාපති වරයා කියයි.නමුදු අද වන විට ග්‍රාමීය ප්‍රදේශ වල ජන පීඩනය අධිකවීම වාසස්ථාන සඳහා වන බිම් කොටස් අවප්‍රමාණ වීම මත,දර වැනි ස්වාභාවික ඉන්ධන ප්‍රභවයන් හිඟවීම හේතුවෙන් ගම්බද ජනයාට ද ගෑස් නොමැතිව ආහාර පිස ගැනීමේ අන් ක්‍රමයක් නොමැති වනු ඇතැයි ප්‍රාදේශීය ලිට්‍රෝ ගෑස් නියෝජිතවරු කියති.

කාලීන පුවත්