ලාෆ් ගෑස් මිල වැඩි කළත් ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරිීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි . කිසිවෙකු හෝ ලිට්‍රෝ ගෑස් වැඩි මුදලකට අලෙවි කරන්නේ නම් එය නිතී විරෝධි බව ද ලිට්‍රෝ සභාපති වරයා පවසයි.එහෙත් ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයකු පවසා සිටියේ මේ වන විට ද ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5 එක් ගෑස් සිලින්ඩරයකින් රුපියල් දෙදහසක් පාඩු විඳින බවකි. එමෙන්ම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් සඳහා වන නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 4462.25 දක්වා ඉහළ නැඟ ඇතැයි ද ඔහු කීය.