ලියාපදිංචි නොවී වැට් කපන ආයතන ගැන සොයයි

වැට් සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන විට ඔවුන්ගේ වැට් ලියාපදිංචි අංකය දෘශ්‍යමාන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් එලෙස වැට් සඳහා ලියාපදිංචි නොවී බදු අයකරනු ලබන ව්‍යාපාර ආයතන පිළිබඳව පාරිභෝගිකයන්ට සෘජුවම දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිලි කළ හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

කාලීන පුවත්