චිත්රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලංකා ලුණු සංස්ථාවේ හිටපු සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ද එම පත්වීම භාරගැනීම ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.මීට දින කිහිපයකට ඉහතදී ඒ මහතා ලංකා ලුණු සංස්ථාවේ සභාපති තනතුරින් ඉවත් කෙරිණ.නිශාන්ත සඳබරණ මහතාව ලුණු සංස්ථා සභාපති තනතුරින් ඉවත් කිරීමට මූලික හේතුව වශයෙන් සඳහන් වනුයේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා ඔහුට එරෙහිව දැක්වූ දැඩි විරෝධයයි. පසුව නිශාන්ත සඳබරණ මහතා ලුණු සංස්ථා සභාපති තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා මාරාන්තික උපවාසයක් ද අරඹන ලදී.ඉකුත් පාලන සමයේදී පාඩු ලැබූ ලංකා ලුණු සමාගමට 2021 වසරේදී රුපියල් මිලියන 44ක ලාභයක් උපයා ගැනීමට හැකි වූ බව සඳබරණ මහතා පවසයි.