රජයේ සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී රෝගීන්ට මුහුණ පෑමට සිදුවන විවිධ අපහසුතාවන්,අකටයුතු හා අසාධාරණකම් හා සෞඛ්‍ය ගැටලු පිළිබඳව 1907 කෙටි දුරකථනය අංකය ඔස්සේ දැනුම් දිය හැකි බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි. අසාධ්‍ය රෝගින් සඳහා පොරොත්තු ලේඛනයේ ඉක්මන් දිනයන් ලබා ගැනීම, රෝහල්වල නොමැති ඖෂධයක් සොයා ගැනීම, ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන විට අදාළ වෛද්‍යවරයා එම ස්ථානයේ නොසිටීම, ඖෂධ ලබා ගැනීමේ පෝලිම් අසාමාන්‍ය ලෙස දිගුවීම වැනි හේතු කාරණා සම්බන්ධයෙන් ඉහත සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන්,හෝ කෙටි පණිවිඩයක් එවීමෙන් විද්‍යුත් තැපැල් මගින් හෝ ලිඛිත තැපැල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුක් ගැනවිලි කළමනාකරණ ඒකකයට එවිය හැකි බව අතිරේක ලේකම්වරයා පවසයි.. ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන මෙම සන්නිවේදන ව්‍යාපෘතිය සඳහා මේ වන විට වෛද්‍යවරුන් 200ට අධික පිරිසක් පුහුණුකර ඇතැයි ද පැවසේ. මෙසේ පුහුණු කළ වෛද්‍යවරුන් සියලුම දිස්ත්‍රික්කයන්හි පර්යන්ත රෝහල් දිසා රෝහල් වෙත අනුයුක්ත කර ඇති අතර එම ජාලය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පාලනය වන බවද අතිරේක ලේකම් වරයා සඳහන් කරයි.