ජාතික ලොතරැයි මණ්ඩලය පවත්වන ලොතරැයි දිනුම් ඇදීමේ රූපවාහීනී වැඩසටහන පුද්ගලික රූපවාහීනී නිෂ්පාදන ආයතනයකට පැවරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කිරීමත් සමඟ රූපවාහීනී සංස්ථාවට රුපියල් මිලියන 35ක ආදායමක් මාසිකව අහිමි වන බව සංස්ථා සේවකයෝ කියති.පසුගිය වසර 20ට අධික කාලයක් මෙම දිණුම් ඇදීමට අදාල රූපවාහිනී නිෂ්පාදනය කොට ඇත්තේ රූපවාහීනී සංස්ථාව විසිනි. මේ වනවිට මෙම දිණුම් ඇදීමට අදාල වන රූපවාහීනී නිෂ්පාදනය පවරා ඇති ආයතනය ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකු සතු බව ද එහි සේවකයෝ කියති.මේ අනුව ඊයේ(25)එහි සේවකයන්ට ගෙවීමට නියමිත මාසික වැටුප පවා නොලැබුණු අතර සංස්ථා පරිශ්‍රය තුළ උනුසුම් තත්වයක් ද ඇති විය.