ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස්වීම මෙරට දේශපාලන සංස්කෘතියක ඇරඹුමක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’ඔහු කීය.රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍යවේදියකු කළ විමසීමේ දී ඔහු පැවසුවේ “ලොහාන් රත්වත්තෙ මහත්තයා ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි තමයි”යනුවෙනි.නමුදු යම් පුද්ගලයකු හට ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනයක් කිරීම අදාල චූදිතයා අත් අඩංගුවට ගෙන අධිකරණය වෙතට යොමු කළ යුතු සාපරාධී ගණයේ චෝදනාවක් වුවද තවමත් එවැන්නක් සිදු වී නැත.