ලෝකයේ ධනවත්ම ගායිකාව

ඇමරිකානු ජාතික සුපිරි ගායිකා ටේලර් ස්විෆ්ට් මෙකල බටහිර සංගීත ලෝකයේ සුවිසල් ජනප්‍රියත්වයකට හිමිකම් කියන කලාකාරියකි. ගායිකාවක ලෙස පමණක් නොව ගීත රචිකාවියක ලෙස ද ඇය ප්‍රසිද්ධියක් උසුලයි.

ස්විෆ්ට් නිතර මාධ්‍ය තුළ පුවත් මවන්නියක වන අතර මෙයට ටික දිනකට පෙර ද ඇය පිලිබඳ විශේෂ පුවතක් වාර්තා විය. එනම් ඇය ලෝකයේ ධනවත්ම ගායිකාව බවට පත්ව ඇති බව යි. 34 හැවිරිදි ඇයගේ වත්කම මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.6 කට ආසන්න බව සුප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාව සඳහන් කර තිබිණි. එය ලංකා රුපියල් බිලියන 470 කට ආසන්න වත්කමකි.

ටේලර් ස්විෆ්ට් මෙම වාර්තාව පිහිටුවන්නට පෙර ඊට හිමිකම් කීවේ තවත් ජනප්‍රිය ගායිකාවක වන රිහානා ය. ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ( ලංකා රුපියල් බිලියන 410 ක් පමණ) බව සඳහන් වේ. ස්විෆ්ට් ඇයගේ වත්කම් උපයන්නේ ප්‍රධාන වශයෙන්ම සංගීත කටයුතුවලින් වුවත් රිහානා වත්කම් උපයන්නේ ඇයගේ ව්‍යාපාරික කටයුතුවලිනි.

මැඩෝනා, බියොන්සේ වැනි සුපිරි ගායිකාවන් ද ධනවත්කම අතින් සිටින්නේ මොවුන්ට පහළිනි. පසුගිය මැයි මාසයේ සංඛ්‍යාලේඛනවලට අනුව මැඩෝනා ගේ වත්කම ඇ. ඩොලර් මිලියන 850 ක් (ලංකා රුපියල් බිලියන 250 ක්) පමණ වූ අතර බියොන්සේ ගේ වත්කම සටහන් වූයේ ඇ. ඩොලර් මිලියන 760 ක් ( ලංකා රුපියල් බිලියන 222 ක්) වශයෙනි.

රිහානා

මෑත කාලයේ ස්විෆ්ට් ගේ ජනප්‍රියත්වය මෙන්ම ඇයගේ ආදායම් ද වේගයෙන් ඉහළ යන ආකාරයක් දැකිය හැකි විය. එයට ප්‍රධානම හේතුවක් වූයේ ඇය මේ වනවිට ලොව පුරා පවත්වමින් සිටින සංගීත ප්‍රසංග මාලාවකි. මෙම ප්‍රසංග මාලාව හැඳින්වෙන්නේ The Eras Tour යන නමිනි. මෙම ප්‍රසංග මාලාවෙන් ස්විෆ්ට් විශාල වශයෙන් මුදල් උපයමින් සිටියි. සංගීත ප්‍රසංග ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ ප්‍රසංග මාලාව ලෙස ද එය පසුගිය කාලයේ වාර්තාවක් පිහිටුවා තිබිණි.

මෑත කාලයේ ස්විෆ්ට් ගේ ජනප්‍රියත්වය මෙන්ම ඇයගේ ආදායම් ද වේගයෙන් ඉහළ යන ආකාරයක් දැකිය හැකි විය. එයට ප්‍රධානම හේතුවක් වූයේ ඇය මේ වනවිට ලොව පුරා පවත්වමින් සිටින සංගීත ප්‍රසංග මාලාවකි. මෙම ප්‍රසංග මාලාව හැඳින්වෙන්නේ The Eras Tour යන නමිනි. මෙම ප්‍රසංග මාලාවෙන් ස්විෆ්ට් විශාල වශයෙන් මුදල් උපයමින් සිටියි. සංගීත ප්‍රසංග ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ ප්‍රසංග මාලාව ලෙස ද එය පසුගිය කාලයේ වාර්තාවක් පිහිටුවා තිබිණි.

ස්විෆ්ට් මෙම ප්‍රසංග මාලාව ආරම්භ කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ යි. උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය, ආසියාව, ඕස්ටේ්‍රලියාව යන කලාපවල ප්‍රසංග 150 ක් පමණ මෙම ප්‍රසංග මාලාවට ඇතුළත් ය. මේ වනවිට ප්‍රසංග 120 කට වැඩි සංඛ්‍යාවක් පවත්වා අවසන් බව වාර්තා වේ. ප්‍රසංග මාලාවේ අවසන් ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් මාසයේ යි. ස්විෆ්ට් ගේ මෙම ප්‍රසංග මාලාව ආශ්‍රයෙන් පසුගිය දිනවල Taylor Swift: The Eras Tour නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය විය.

අති දක්ෂ ගායිකාවක වන ස්විෆ්ට් ගී ගැයීම ආරම්භ කර තිබුණේ අවුරුදු 10 ක් තරම් කුඩා වයසේ දී ය. ඇයගේ පළමු ගීත ඇල්බමය නිකුත් කරන විට ස්විෆ්ට් ගේ වයස අවුරුදු 16 ක් පමණක් විය. ඇය මෑතක නිකුත් කළ Midnights, The Tortured Poets Department, වැනි ගීත ඇල්බම ද සංගීත ලෝලීහු මහත් ආදරයෙන් වැළඳ ගත්හ.

මේ වනවිට ඇය සංගීත සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. ග්‍රැමී සම්මාන 14 ක් ඊට ඇතුළත් ය. සිනමාව තුළ ඔස්කාර් සම්මානවලට හිමිවන පිලිගැනීමට සමාන පිලිගැනීමක් සංගීත ලෝකයේ ග්‍රැමී සම්මානවලට හිමි වේ. මේ වසර මුල පැවැති 66 වැනි ග්‍රැමි සම්මාන උළෙලේදීත් වසරේ හොඳම ගීත ඇල්බමයට පිදෙන සම්මානය හිමි වූයේ ඇයගේ Midnights ඇල්බමයට යි.

ටේලර් ස්විෆ්ට් කෙතරම් බලපෑම් සහගත කලාකාරියක ද යත් ඇමරිකාවේ දේශපාලනඥයෝ පවා සිය දේශපාලන කටයුතුවලට ඇයගේ සහය දිනා ගැනීමට උත්සාහ කරති. මේ වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වෙන එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතර ද මේ සඳහා තරගයක් ඇති විය. ස්විෆ්ට් ගේ සහය තමුන්ට ලැබෙන බව සඳහන් කරමින් ඩොනල්ට් ට්‍රම්ප් පාර්ශ්වය නිර්මාණය කර තිබූ ව්‍යාජ පෝස්ටුවක් ද පසුගිය දිනවල විශාල ආන්fදාා්ලනයක් ඇති කළේය. ඇයගේ රූපය යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණය ඇසුරෙන් නිර්මාණය කර තිබූ මෙම පෝස්ටුව ට්‍රම්ප්ගේ වෙඩ් අඩවිවල ද පළ විය.

ජනාධිපතිවරණයේ දී ස්විෆ්ට් ගේ සහය හිමි වන අපේක්‍ෂකයාට හෝ අපේක්‍ෂිකාවට ඇයගේ සුවහසක් රසික රසිකාවියන් අතරින් වැඩි දෙනෙකුගේ ඡන්ද හිමි වීමට විශාල ඉඩක් තිබේ. සමස්තයක් ලෙස රසික රසිකාවියෝ මිලියන 283 කට ආසන්න පිරිසක් ස්විෆ්ට් ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හා සම්බන්ධව සිටිති.

මෙවර ජනාධිපතිවරණයේ දී ස්විෆ්ට් ගේ සහය හිමි වන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදිනිය වන වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස්ට යි. ඇය ඉදිරිපත් වන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂයෙනි. හැරිස්ට ඡන්දය දෙන්නට තීරණය කළේ තමා විශ්වාස කරන අයිතිවාසිකම් සහ අරමුණු වෙනුවෙන් ඇය සටන් කරන නිසා යයි ස්විෆ්ට් පවසා තිබුණාය. යම් හෙයකින් කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. ඒ ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපති පදවියට පත් පළමු කාන්තාව ඇය වනු ඇති බැවිනි.

කෙසේ නමුත් මෙවර ජනාධිපතිවරණයේ දී ස්විෆ්ට් ගේ සහය හිමි වන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදිනිය වන වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස්ට යි. ඇය ඉදිරිපත් වන්නේ ඩිමොක්‍රටික් පක්‍ෂයෙනි. හැරිස්ට ඡන්දය දෙන්නට තීරණය කළේ තමා විශ්වාස කරන අයිතිවාසිකම් සහ අරමුණු වෙනුවෙන් ඇය සටන් කරන නිසා යයි ස්විෆ්ට් පවසා තිබුණාය.

යම් හෙයකින් කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එය ඓතිහාසික අවස්ථාවක් වනු ඇත. ඒ ඇමරිකානු ඉතිහාසය තුළ ජනාධිපති පදවියට පත් පළමු කාන්තාව ඇය වනු ඇති බැවිනි.

ටේලර් ස්විෆ්ට් ගේ ආදර සම්බන්ධය ද මේ කාලයේ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය මාතෘකාවකි. ඇයගේ පෙම්වතා වන්නේ සුප්‍රකට ඇමරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්ස් ය. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වී තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යි.

නිහාල් පීරිස්

රසගඟුල