දියවැඩියාව කියන්නේ සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්.
ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි.
අපේ රටේ සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන හේතුව වෙන්නේ වාර්ෂිකව වැඩිවෙමින් පවතින බෝ නොවන රෝගයි.
ශ්‍රී ලංකාවේ බහුලව දකින්න ලැබෙන බෝ නොවන රෝගයක් විදිහට දියවැඩියාව හඳුන්වන්න පුළුවන්.
දියවැඩියාව ඇති වෙන්නේ රුධිර ප්රවාහයේ ඇති සියලු ම සීනි එහෙමත් නැත්නම් ග්ලූකෝස් කළමනාකරණය කිරීමට ශරීරය අපොහොසත් වූ විටයි.
මෙලෙස දියවැඩියාව වර්තමානය වන විට ජනතාව අතර බහුලව ව්‍යාප්ත වීම නිසා ඒම රෝගය පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් සෑම වසරකම ලෝක දියවැඩියා දිනය නොවැම්බර් 14 වනදා සමරනු ලබනවා.
මෙවර එහි තේමාව වන්නේ බාධක බිඳිමින් හිඩැස් නැති කරමු යන්නයි.