ලෝක සත්ව දිනය අදයි

මෙම මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් පොදු උරුමයක් මිස මිනිසුන්ගේ තනි උරුමයක් නොවේය යන ස්වභාවික යුක්තිය මත පදනම් වන ධර්මතාවය තහවුරු කෙරෙමින් සත්ත්ව අවිහිංසාව, සත්ව හිමිකම් හා සුබසාධනය අරමුණු කර ගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 04 වන දින සමරනු ලබන ලෝක සත්ව දිනය අදට යෙදී තිබේ. පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් බැට කන්නට සිදුව ඇති මිනිසා විසින්ම ස්වභාව දහමේ නිර්මාපකයන් වූ සත්ව ලෝකය විනාශ කරනු ලබන්නේ කෲර ලෙසිනි. මිනිසාගේ වානිජමය අරමුණු හා ආහාර, ඖෂධ, රූපලාවන්‍ය, මෝස්තර, ක‍්‍රීඩා, විනෝදාංශ, විසිතුරු නිර්මාණ, පර්යේෂණ යනාදී නොයෙකුත් අවශ්‍යතාවයන් සඳහා වන ජීවීන් විශාල වශයෙන් ජීවිතක්ෂයට පත්වේ.මිනිසා විසින් ප‍්‍රමාණය ඉක්මවා සිදුකරනු ලබන මෙම අධි භාවිතය හේතුවෙන් හා භූමිය බෙදා ගැනීමේ ගැටළුව සමඟ සත්ව ලෝකය වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත. මෙවැනි පසුබිමක අප සියලු දෙනා සහයෝගය ලබාදිය යුත්තේ මතු පරපුර වෙනුවෙන් සත්ව ලෝකය සුරක්ෂිත කිරීමටයි.සොබා දහමේ නිත්‍ය නියෝජිතයන් වන සත්වයන් ගේ ද පැවැත්ම තහවුරු වන සේ මේ මිහි තලය මිනිසුන් ගේත් හිත සුව පිණිස වන සොඳුරු නවාතැනක් බවට පත් කිරීමේ ගෝලීය මෙහෙවරට ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් හිමි කෙරෙනුයේ ඉතා අඩු දායකත්වයකි.

කාලීන පුවත්