ලෝක සාගර දිනය අදට(08) යෙදී ඇත. ලෝක සාගර දිනය යනු වාර්ෂිකව ජුනි 8 වන දින පැවැත්වෙන ජාත්‍යන්තර දිනයකි . මෙවර එහි තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICOඪD) සහ කැනඩාවේ සාගර ආයතනය (OIC) විසින් බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවති පෘථිවි සමුළුව – පරිසරය සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී (UNCED) යෝජනා කර, “ලෝක සාගර දිනය” 2008 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගනු ලැබීය. ඒ අනුව වර්තමානයේ දී සාගර දිනය සමරනු ලැබේ.