ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය හිටපු ජනපති ගෙන්

දකුණු කොරියාවේ සෝල් නුවරදී අද(11) ආරම්භ වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පැවැත්වීමට නියමිතය.රටවල් 157 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති වරයා ඊයේ (10) අලුයම දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයකු වූ  බෑන් කී මූන් මහතාගේ හා කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනූව මෛත්‍රිපාල සිරිසේන මහතා එම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ඇත . අද (11) සිට දින 3 ක් සමුළුව පැවැත්වීමට නියමිත ය.

කාලීන පුවත්