අද(12)ට යෙදෙන ලෝක හස්ති දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය ඉදිරිපත් කරන අලි ඇතුන් සංරක්ෂණය හා මිනිස්-අලි ගැටුම් කළමනාකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රකට පුවත්පත් හා වෙබ් කාටුන් ශිල්පීන් රැසක් විසින් අඳින ලද කාටුන් දැක්මක් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානයේ සහ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් අද සහ හෙට (12 , 13) පාදෙණිය-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව පූලංචිය වැව අද්දර පිහිටි ගිමන් හල පරිසර උද්‍යානයේ ඇත් පිළිරුව අද්දර දී පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳ වැඩිම සංවේදී තොරතුරු රැසක් වාර්තා වන වන කලාපයක් සහිත ගල්ගමුව කේන්ද්‍ර කර ගනිමින් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානය විසින් තනවා ඇති මෙම ඇත් පිළිරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ද වෙයි. ගල්ගමුව ප්‍රාදේශීය සභා ලේකම් නිමල් රත්නායක මහතා ගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම කාටුන් දැක්ම අද පෙරවරුවේ විවෘත කරන ලද්දේ එම ඇත් ස්මාරකය තැනීම පිණිස එහි කටයුතු ආරම්භයේ සිටම ගල්ගමුව ජනතාව නියෝජනය කරමින් අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානයට උපරිම සහයෝගයක් පළ කළ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච් කේ විමලරත්න මහතා විසිනි.මෙම අවස්ථාව සඳහා අහිංසා ශ්‍රී ලංකා අධ්යක්ෂ (ව්‍යාප්ති හා සම්බන්ධීකරණ )තිලක් සේනාසිංහ ඇත් පිළිරුවේ නිර්මාණ ශිල්පී ජේ රත්නායක, ගල්ගමුව ප්‍රාදේශීය සභා ලේකම් නිමල් රත්නායක, ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ පරිසර නිළධාරිනී අජන්තා පද්ම කාන්ති ආදී මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් එක් වූහ.මෙම කාටූන් දැක්ම සඳහා අසංග ඉඳුනිල්, දයාන් කොට්ටච්චි, දර්ශන කරුණාතිලක, ආර්. සී. ප්‍රදීප්කුමාර්, අවන්ත ආටිගල, හසන්ත විජේනායක, අංජන ඉන්ද්‍රජිත්, මිෆ්රාස් මුසම්මිල්, සුසිල් පෙරේරා සහ වසන්ත සිරිවර්ධන වැනි දිවයිනේ ප්රමුඛ හා ප්‍රතිභාපූර්ණ කාටුන් ශිල්පීන් තම නිර්මාණ දායකත්වය ලබාදී තිබේ.
මීට අමතරව මෙම කාටූන් දැක්ම පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ, පේරාදෙණිය උද්භිද උද්‍යානය, , වවුනියාව විශ්වවිද්‍යාලය, හා ගාල්ල කොටු පවුර යන පරිශ්‍ර වල මෙන්ම අම්පාර, උහණ සහ සූරියවැව යන නගර වල ද අද සහ හෙට (12 , 13) පැවැත්වේ. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, වවුනියාව විශ්වවිද්‍යාලය, , ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය, වනජීවී සංරක්ෂණ සංගමය – ගාල්ල, ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය, සහ සොබාදහම් පාසල යන ආයතන සහ සංවිධාන සහාය ලබා දෙයි. 1894 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාවේ මුල්ම සත්ව හිමිකම් සහ පරිසර සංවිධානය වන ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය වෙනුවෙන් මෙම කාටූන් ප්‍රදර්ශන මාලාව සංවිධානය කරනුයේ එම සංගමයේ අලි මිනිස් සහජීවනය පිළිබඳ උප කමිටුවේ සභාපති ප්‍රවීණ පරිසර සහ මාධ්‍යවේදී සුපුන් ලහිරු ප්‍රකාශ් මහතා විසිනි.
ඡායාරූප:චන්ද්‍රරත්න ඉලංගකෝන්