මෙවර යල කන්නයේ වී වගා කිරීමට නොහැකිවු කුඹුරුවල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු, උඳු වැනි අතිරේක බෝග වගා කරන්නේ නම් වී අස්වැන්නෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එම ගොවීන්ට දීමට තමන් ප්‍රතිඥා දෙන බවට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ගොවි ජනතාවට පොරොන්දු වී තිබේ.එම බෝග වගා කිරීමෙන් කිසියම් පාඩුවක් සිදුවුවහොත් වැඩි මිලට අස්වනු ගැනීමට හෝ පාඩුව පියවා ගැනීමට සහන සැලසීමට රජය සුදානමින් සිටින බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම පිණිස ඩොලර් වැය කිරීමට වඩා රුපියල් වශයෙන් ගොවීන්ට මුදල් ගෙවා ඉහත සඳහන් බෝග වර්ග මිලට ගැනීම වඩා සාධනීය බව රජය මේ වන විට හඳුනාගෙන ඇති බව ද අමාත්‍ය වරයා කීය.