වජිරා චිත්‍රසේන දිවි රඟ මඬලින් බැස යයි

ශ්‍රී ලාංකේය නර්තන කලා ක්ෂේත්‍රය සුපෝෂණය කළ පුරෝගාමී නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට 92 වැනි වියෙහි පසු වූ ඇය ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට අනුපමේය මෙහෙයක් ඉටු කළ වනිතා රත්නයකි.යමකුට ජීවිතයේ එකම එක් වතාවක් පමණක් පිදෙන භාරතයේ ‘පද්ම ශ්‍රී’ ගෞරව සම්මානයෙන් ද ඇය පිදුම් ලද අතර එසේ පිදුම් ලද අතළොස්සක් මහා කලාකරුවන්ගේ ලැයිස්තුවේ ඇය ද ඉහළින් ම වැජඹෙන්නීය.ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක සහ ගුරුවරියක ලෙස ප්‍රකට වජිරා චිත්‍රසේන මහත්මිය මෙරට මුද්‍රා නාට්‍ය කණ්ඩායම් කලාවේ පළමු ප්‍රධාන නාට්‍යාංගනාව ලෙස ද සැලකේ.සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කර වෙස් බඳින ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ ද ඇයයි.

කාලීන පුවත්