වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළහොත්, එම පුද්ගලයන් කවුරුන්දැයි ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවැසීය.
දූෂණ විරෝධී පනතට අනුව සියලු රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් තොරතුරු සියල්ල මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියකට ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු යොදා ඇතැයි ද ඔහු කීවේය.
මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය සකස් කිරීමේ කටයුතු ලබන වසරේ (2026) මාර්තු මාසය වන විටදී අවසන් කිරීමට නියමිත බවත්, එය සැකසීම එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතිය (UNDP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් සිදුකරන බවත් එම ඉලෙක්ට්‍රොනික පද්ධතිය සකස් කෙරෙන තුරු වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස වත්කම් බැරකම් ඉදිරිපත් ඉදිරිපත් කිරීමට අලුත් පෝරමයක් හඳුන්වාදීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
එය පසුගියදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙන බවත්, කොමිසමේ වෙබ් අඩවියෙන් එය භාගත කරගැනීමේ හැකියාව පවතින බව ද ඔහු පැවසීය. ඇතැම් පුද්ලයන්ගේ නම්වලින් බැංකු ගිණුම්, ඉඩම් ආදිය නොතිබුණ ද උපයාගත් දෑ තිබෙන බව ද ඔහු කීවේය.
මෙම වත්කම් බැරකම් ප්‍රකාශවල සංෂිප්ත ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර තිබෙන බවත්, ඒ අනුව ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 14 දක්වා සිටින නිලධාරීන් 300 කට ආසන්න සංඛ්‍යාවකගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇතැයි ද ඔහු පැවසීය.