වත්මන් ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී ඉන්නවා

වත්මන් ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී සිටින බවත් ආණ්ඩුවේ පුරාජේරු කතා ඇත්තේ තව දින හතලිස් හයක් බවත් ඉන් පසු රට නිවැරදි මාවතකට ගෙන යාම ස්ඳහා අලුත් මාවතක් තෝරා ගන්න ජනතාව සූදානම් බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.ඒ ම්හතා මේ අදහස් පළ කළේ ඊයේ(07) පාර්ලිමේන්තුවේදී ය.එහි දී අදහස් පළ කළ මන්ත්‍රී වරයා මෙසේ ද කීය.”මේ ආණ්ඩුව රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණනවා. ටෙලිකොම් එක විශාල ලාභයක් ලැබුවා. එයත් ටෙන්ඩර් දාලා දැන් පාඩු ලබන තත්ත්වයට වට්ටලා. හිතාමතා කුමන්ත්‍රණකාරීව වට්ටලා විකුණන්න දාලා. මේකට ටෙලිකොම් සියලු වෘත්තීය සමිති විකුණනවාට විරුද්ධයි.හිල්ටන් හෝටලය, පත් කරපු කමිටු ඇස්තමේන්තුවක් වඩා අඩු මුදලට විකුණන්න යනවා. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන ප්‍රධාන ආයතන ටික කුණුකොල්ලයට විකුණනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලී අනුපාතය යළි සියයට 15ට ගේන්න. ඔවුන්ට ඒ ආදායම නැති කරන්න එපා. ග්‍රාම නිලධාරීන්ව අද ආණ්ඩුව රවට්ටලා. ඔවුන්ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දීල නැහැ. දෛනිකව මේ ප්‍රශ්නය විසඳන්න. බිත්තරයත් ඉන්දියාවෙන් ගේන්න වුණා නම් කොහාමද ආර්ථිකය ගොඩ ගියා කියන්නේ. පුරාජේරුවලින් ජනතාව රවට්ටන්න බැහැ.ජනතා ද්‍රෝහී ආණ්ඩුව පෙරළන්න ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව පෙළගැසී සිටිනවා. මේ පුරාජේරු කතා තියෙන්නේ තව දවස් 46යි. එතැනින් පස්සේ රට නිවැරදි මාවතකට ගෙන යන්න, අලුත් මාවතක් තෝරා ගන්න ජනතාව සූදානම්”.

කාලීන පුවත්