පානීය ජල බෝතල් සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල පසුගිය ජනවාරි මස 29 වනදා සිට ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කිරීමත් සමඟ දේශීය පානීය ජල බෝතල් අලෙවි කළ යුතු නව මිල ගණන් ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ප්රකාශයට පත් කොට තිබේ.ඒ අනුව කලින් රුපියල් 26 කට අලෙවි කළ මිලි ලීටර් 500ක බෝතලයක වත්මන් මිල රුපියල් 50 ක් දක්වාත් රුපියල් 40කට කලින් අලෙවි වූ ලීටරයක පානීය ජල බෝතලයක නව මිල රුපියල් 70 ක් දක්වාත් කලින් රුපියල් 50ක් වූ ලීටර එකහමාරේ බෝතලයක නව මිල රුපියල් 90ක් දක්වාත් මිල ඉහළ දමා තිබේ.