වනෝද්‍යාන වලට නියඟයෙන් දැඩි බලපෑම්;සම්පත් හිඟයෙන් තත්වය බරපතලයි මේ වන විට උද්ගත වී ඇති දැඩි නියඟයෙන් ජාතික වන උද්‍යාන පහලොවක තෘණ භූමි වියළී ගොස් වන සතුන් උග්‍ර ආහාර හා ජල හිඟයෙන් පීඩාවට පත්වී ඇති බවත් ජාතික වනෝද්‍යාන ආශ්රිත ගිනි ගැනීම් වැළැක්වීමට හා සතුන්ට ජලය සැපයීමට ජල බවුසර් ඇතුළු උපකරණ මානව සම්පත් හිඟය ද බලපා ඇති බවත් වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්. අයි. එම්. පීරිස් මහතා පවසයි.මේ වන විටත් ජාතික වනෝද්‍යාන තුළ සහ ප්‍රේරක රක්ෂිත අක්කර දහස් ගණනක් ගිනි තබා විනාශ කර තිබෙන අතර රක්ෂිත ගිනි තැබීමෙන් වන අලි ඇතුළු වන සත්තු උග්‍ර ආහාර අහේනියකට මුහුණ පා සිටින අතර උරග විශේෂ සහ කුඩා ක්ෂීරපායි සතුන් ගින්නට මැදිවී මියගොස් ඇති බව ඒ මහතා පවසයි.මේ දිනවල පවතින උෂ්ණත්වය පෙර වර්ෂවලට සාපේක්ෂව දරුණු තත්වයකට පත් ව ඇති අතර ඇලහැර, ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය, මින්නේරිය, වස්ගමුවට නියඟය දැඩිව බලපා තිබෙන බව ද ඒ මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසා සිටි අන්දමට මාදුරුඔය, වස්ගමුව, දැඩි හානියට පත් ව තිබේ.ජාතික වනෝද්‍යාන තුළ ජල පෝෂිත සිඳී ගොස් තිබෙන අතර කුඩා වැව් සිඳී ගොසිනි. පවතින ජල සහ ආහාර අහේනියෙන් පීඩාවට පත් වන සතුන් අතුරින් දුර්වල සතුන් මියගොස් ශක්තිමත් සතුන් පමණක් ඉතිරි වන්නේ යැයි ද වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා පවසයි.