වන අලි ගැටළුව පොට පටලවා නොගෙන හරියට විසඳනවා නම් අවශ්‍ය සහයෝගය දෙන්න අපිත් සූදානම්! – ආර්.එම්.ජේ බණ්ඩාර පරිසර ක්‍රියාකාරී/වන ජීවී ඡායාරූප ශිල්පී

vinivida

ඔන්න ඉතින් දැන් වන අලි පලවා හැරීම් සිදු කරන්න ගත්ත උත්සාහය අසාර්ථක වීමත් එක්ක ඒක අතරමඟ නතර වෙලා. ආරංචි විදිහට දැන් සූදානම් වෙන්නේ කුඹුරු වැඩ ඉවර වුණාට පස්සේ අලි රක්ෂිතවලට පලවා හරින්න. හැබැයි කුඹුරු වැඩ ඉවර වුණු ගමන් අලි රක්ෂිතවලට පලවා හරින්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. වන අලි ගැවසෙන ගම්මාන ආශ්‍රිත මාර්ග දෙපස මාර්ගයෙ ගමන් කරන කෙනාට අලි දෙපස ඉන්නවද? නැද්ද? කියලා පේන විදිහට එළි කරන්න වෙනවා, කාගේ ඉඩම් වුණත් ඒ දේ කරන්නම වෙනවා. අවදානම් කාලය තුළ ගමන් බිමන් සීමා කරන්න ජනතාව දැනුවත් කිරීමත් වැදගත්.


කුඹුරු රැකගන්න ගොවින්ට වන ජීවි නිලධාරින්ගේ සහය ලබා දෙන්න වෙනවා. ඇතැම් තැන්වල දුරකතන වලට තවමත් ප්‍රතිචාර නෑ කියලා මිනිස්සු කියනවා. අලි පන්නන දින ගැන ගැන ඉන්න එකට කලින් තව වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ දක්වා නම් කිසිම වන අලි පලවා හැරීමක් සාර්ථක වෙලා නෑ. ඇයි ඒ කියලා හොයලා බලන එක තමයි ඉස්සර වෙලාම කරන්න තියෙන්නෙ. අලි ගාල් කරලා තියන්න බෑ. සොබා දහම ලොකු ශරිරයක් සහිතව ඒ අලි ඇත්තු නිර්මාණය කරලා තියෙන්නේ ඇයි කියලා හිතලා බලන එකත් වැදගත්; අලි රක්ෂිත වලට යවන්න හිතනවා නම් ඒ ඒ රක්ෂිතවල මේ වෙන කොට භූමිය ඇතුලේ ජලය සහ වන සතුන්ට අවශ්‍ය ආහාර තියෙනවද? කියලා අනිවාර්යෙන් සොයා බැලීමක් කරන්න ඕනෑ. නිලධාරීන් කට වචනයෙන් කියන තොරතුරු මේ වෙලාවේ ප්‍රායෝගික වෙන්නේ නෑ. සැබෑවටම කැලෑ ඇතුලේ අලින්ට ජලය සහ ආහාර තියෙනවද? කියල ඒ කැලෑ ඇතුළට ගිහිල්ලම සොයා බලන්න ඕනෑ. මහා කැලෑ ඇතුළේ අනවශ්‍ය ශාක තියනව නම් ඒවා ඉවත් කරන්න ඕනෑ. ඊට පස්සේ මේ වන අලි ගම්මාන වලට ආවේ මොන පැත්තෙන්ද කියලා හොයලා බලන්නත් ඕනේ.

මට මතකයි 2015 අපුරු වන අලි පලවාහැරිමක් පටන් ගත්තා. විල්පත්තුව තබ්බෝව පැත්තෙන් ආපු වන අලි කහල්ල-පල්ලෙකැලේට පලවා හරින්න උත්සාහ කිරීමක් සිදුවුණා. දින කීපයකට පස්සේ වන අලි ඉස්සරහට යන එක නැවතුණා .වන අලින්ට සොබා.දහමේ ආශිර්වාදය ලැබුණා. මහ වැස්සක් වැස්සා. අලි ටික කොටු කරලා රැකගෙන හිටපු තැන්වල තිබුන ගිනි මැල සේරම නිවුණා.පහුවදාට දර කොටයක්වත් හොයාගන්න බැරිවුණා. දර කොට වලින් වතුර බේරෙනවා. පත්තු කරන පත්තු කරන ගිනි මැලේ දර කොටවල සීතලට නිවෙනවා. අලි ටික රැකගන සිටිය තැනින් ආපස්සට යන්න පිටත් වුණා. අලි මෙහෙයුම අසාර්ථක වුණා. අපරාදේ පුච්චපු අලි වෙඩි. මිනිස්සුන්ගේ ශ්‍රමය මහන්සිය ඒ වගේම ප්‍රදේශයෙ වනජිවි නිලධාරින් විඳපු පීඩාව. ඒ වගේම වන අලිත් දැඩි ලෙස පීඩාවට පත් වුණා.

මට මතකයි 2015 අපුරු වන අලි පලවාහැරිමක් පටන් ගත්තා. විල්පත්තුව තබ්බෝව පැත්තෙන් ආපු වන අලි කහල්ල-පල්ලෙකැලේට පලවා හරින්න උත්සාහ කිරීමක් සිදුවුණා. දින කීපයකට පස්සේ වන අලි ඉස්සරහට යන එක නැවතුණා .වන අලින්ට සොබා.දහමේ ආශිර්වාදය ලැබුණා. මහ වැස්සක් වැස්සා. අලි ටික කොටු කරලා රැකගෙන හිටපු තැන්වල තිබුන ගිනි මැල සේරම නිවුණා.පහුවදාට දර කොටයක්වත් හොයාගන්න බැරිවුණා. දර කොට වලින් වතුර බේරෙනවා. පත්තු කරන පත්තු කරන ගිනි මැලේ දර කොටවල සීතලට නිවෙනවා. අලි ටික රැකගන සිටිය තැනින් ආපස්සට යන්න පිටත් වුණා. අලි මෙහෙයුම අසාර්ථක වුණා. අපරාදේ පුච්චපු අලි වෙඩි. මිනිස්සුන්ගේ ශ්‍රමය මහන්සිය ඒ වගේම ප්‍රදේශයෙ වනජිවි නිලධාරින් විඳපු පීඩාව. ඒ වගේම වන අලිත් දැඩි ලෙස පීඩාවට පත් වුණා.
මේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ ගම්මාන ආශ්‍රිතව සැරිසරන දැන් ඉන්න වන අලි බොහෝ දෙනෙක් ඉපදිලා තියෙන්නේ තියෙන්නේ මේ ප්‍රදේශයේම තියෙන වැව් ආශ්‍රිතව ඇති වන රොදවල් වල, එහෙමත් නැත්නම් පන්සල් ඉඩම් වල, ඔවුන්ගේම උපන් බිම තමයි මේක. ඔවුන්ගේ මී මුත්තෝ කලා වැව බළලු වැව පැත්තෙන් කහල්ල පල්ලෙ කැලේ පැත්තෙන් එහෙමත් නැත්නම් තබ්බෝව විල්පත්තු පැත්තෙන් ගල්ගමුව පැත්තට ආවා වෙන්න පුළුවන්. නමුත් දැන් ඉන්න ගොඩක් වන අලින්ගේ උපන් බිම මේක.

මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගේ පරණ හේන් බිම් අත්පත් කරගෙන ඉන්න ව්‍යාපාරිකයෝ නම් කැමතියි මේ අලි මේ ප්‍රදේශවලින් එළවන්න පිඹුරුපත් සකසන්න. බොහෝ රාජ්‍ය ආයතනවල ඇතැම් උසස් නිලධාරීන් එම ව්‍යාපාරිකයන්ගේ හිතවතුන්. වන අලි පලවා හැරීම් සිදු කරන්න බලපෑම් සිදු කරන්නේ අලි මේ ප්‍රදේශවලින් ඉවත් කරන්න දැඩි උවමනාවක් තියෙන්නේ ඔවුන්ට.
එක කාලෙක එක ඇමතිවරයෙක් මාධ්‍ය ආයතන වල වැඩ කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එකතු කරගෙන සුහද හමුවක් සංවිධානය කරලා තිබුණා; අලි ප්‍රශ්නය විසදන හැටි කතා කරන්න. එහිදී සිද්ධ වුණේ වල් අලියා වන අලියා විදිහට නම වෙනස් කරපු එක විතරයි. වල් කියද්දි වචනයම අවුල්;නමුත් වන කියද්දි දැන් මිනිස්සුනට ලොකුවට ප්‍රශ්නයක් නෑ කියලා හිනා වෙවී කිව්වා. වචනෙ වෙනස් කරලා ප්‍රශ්නය විසදුවා. කොහොම හරි ඉතින් අලුත් ආණ්ඩුවත් වැඩේ පටන් ගත්තෙ වැරදි තැනකින්; අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්න.

දැන් ඉතින් කරන්න තියෙන්නේ අන්තිමට කරන්න තියෙන දේවල් ඉස්සර වෙලා කරන්නේ නැතුව, හරි තැනකින් හරි විදිහට මේ වැඩේ පටන් ගන්න එක.සේරටම කලින් වන අලි වැවෙන් වැවට ගමන් කරන මාවත් ටික හරියට අඳුනාගන්න ඕනෑ. ඒවා ඇතුලේ මිනිස් ක්‍රියාකාරකම් සිදු වෙනවද කියලා හොයලා බලලා, ඒ භූමිය වන අලින්ට ගමන් කරන්න සුදුසු විදිහට නිදහස් කරගන්න කටයුතු කරන්න ඕනෑ. ක්‍රම ක්‍රමයෙන් වන අලින්ට අහිමි වෙච්ච කලා වැව බළලු වැව වගේ වැව් ඉස්මත්ත වන අලින්ට නැවත ලබාදෙන්න පියවර ගන්න ඕනෑ. ඒ වගේම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ ඉඳන් වන අලි එහා මෙහා ගමන් කරන මහ සියඹලන්ගමුව, උස්ගල සියඹලංගමුව , මහ ගල්ගමුව පාලුකඩවල, ඉගිණිමිටිය, වගේ මහ වැව් ආශ්‍රිතව වසර ගණනාවක් වන අලි තමන්ගේ වාස භූමි විදියට පාවිච්චි කරපු ප්‍රදේශ යාවෙන විදියට අලිමංකඩවල් නිර්මාණය කරන්න ඕනේ, සමහර ගම්මාන වල මැද්දෙ තියෙනවා පුංචි පුංචි කැලෑ කුට්ටි ඒවා එළි කරලා හේන් වගා බවට පත් කරන්නත් වෙනවා. එම භූමි වලින් කිසිම ආර්ථික වාසියක් සැලසෙන්නේ නෑ; මේ වෙනකොට දවල්ට අලි නවතින්නේ අන්න ඒ තැන්වල. අලි හිටපු තැන් මිනිස්සු අල්ලනකොට මිනිස්සු හේන් වගා කරපු තැන්වල අලි පදිංචි වෙනවා. අලි හිටිය වැව් ඉස්මත්ත අලින්ට දීලා, ගම්මාන ඇතුලේ තියෙන ඉඩම්, කිරි ගවයන්ට අවශ්‍ය තෘණ භූමි සකස් කරන්නත්, අනෙකුත් කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගන්න පුළුවන්, අතීතයේ අපේ රටෙන් ධාන්‍ය පිටරටට පැටෙව්වා, දැන් කුරක්කන් ඇටේ ඉඳලා පිටරටින් ගේන්නේ අපේ රටට . මිනිස්සුන්ට ගොවිතැන් එපා කෙරෙව්වේ අපේ රටේ දේශපාලකයෝ, ඔවුන්ගේ වාසියට. ඔවුන්ගේ අරමුණ වෙලා තිබුනෙ මහා පරිමාණ ඉඩම් කොල්ලයක්. ඒ සඳහා ගත්ත ඇතැම් ක්‍රියාමාර්ග ඇතැම් නීති නිසා අලි මිනිස් ගැටුම වගේ පරිසර ප්‍රශ්න රාශියක් ඔඩු දුවලා වෙලා තියෙනවා.

මේ අලි මිනිස් ගැටුම පාලනය කරන්න නම් අලි මිනිස් සහජීවනය ඇති කරන්න නම්. අලින්ට සුදුසු පරිසරය හඳුනාගෙන, ඒ භූමියේ වන අලින්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරලා,ඔවුන් සංක්‍රමණය වන මාර්ග ටික ඔවුන්ට නිදහස් කරලා දීලා ක්‍රමවත් අයුරින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන්, දැනට සිද්ධ වෙන්නේ මිනිස්සු වවන දේවල් අලි ඇත්තන්ට කන්න දෙන එක. එහෙම මිනිස්සු වවන දේවල් අලි ඇත්තුන්ට කන්න දුන්නත් ඒ අලි ඇත්තුන් ගෙන් අපේ රටට ප්‍රයෝජනයක් ගන්නේ නෑ.

අතීතයේ ආණ්ඩු සහ නිලධාරින් කරපු වැරදි ගැන දැන් කතා කර කර ඉඳලා වැඩක් නෑ, ඔවුන් ගියපු පාරේ ගිහිල්ල වැඩකුත් නෑ, දැන් හරි තැනින් හරි විදිහට වැඩේ පටන් ගන්න වෙනවා, මේ අලි මිනිස් ගැටුම පාලනය කරන්න නම් අලි මිනිස් සහජීවනය ඇති කරන්න නම්. අලින්ට සුදුසු පරිසරය හඳුනාගෙන, ඒ භූමියේ වන අලින්ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරලා,ඔවුන් සංක්‍රමණය වන මාර්ග ටික ඔවුන්ට නිදහස් කරලා දීලා ක්‍රමවත් අයුරින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුළුවන්, දැනට සිද්ධ වෙන්නේ මිනිස්සු වවන දේවල් අලි ඇත්තන්ට කන්න දෙන එක. එහෙම මිනිස්සු වවන දේවල් අලි ඇත්තුන්ට කන්න දුන්නත් ඒ අලි ඇත්තුන් ගෙන් අපේ රටට ප්‍රයෝජනයක් ගන්නේ නෑ. අපේ රටට ඩොලර් ගේන්න පුළුවන් සංචාරක ආකර්ෂණීය ඇතිවෙන විදිහේ ලස්සන අලි ඇත්තු ඉන්නේ මේ භූමියේ. හරි විදිහට සංචාරක සැලැස්මක් නිර්මාණය කරලා හැමදාම දුක් විඳපු මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලටත් ආලෝකයක් ගේන්න පුළුවන් යටිතල පහසුකම් ටික සංවර්ධනය කරලා හරි විදියට මේ අලි මිනිස් සහජීවනය කළමනාකරණය කරගමු. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න අපි ඕනම වෙලාවක සූදානම්!

ආර්.එම්.ජේ බණ්ඩාර

පරිසර ක්‍රියාකාරී/වන ජීවී ඡායාරූප ශිල්පී

එතෙර - මෙතෙර