වන අලි ඝාතන මිනී මැරුම් සේ සළකා වන අලින් ඝාතනය කරන්නවුන්ට මිනිස් ඝාතන සිදුකරන්නවුන්ට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.රටට සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට ඇති උපාය මාර්ග අතුරින් වන අලි සහ සෙසු සත්ව සම්පත නිසියාකාරව කළමනාකරණය කර ගැනීම ප්රමුඛ වන අතර එවිට යාල ආදී අපේ වනෝද්‍යාන ලෝකයේ හොඳම වනෝද්‍යාන බවට පත් කරන්නට හැකියාව පවතින බව ද මන්ත්‍රී වරයා කීය.ලංකාවේ ගම් වදින වන අලින් පිළිබඳ නිසි අධ්‍යයනයක් කළොත් එම සංඛ්‍යාව පන්සියයක් පමණ වන බව අනාවරණය කර ගත හැකි වනු ඇතැයි කී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා ජලය සහ ආහාර සොයාගෙන වදින බැවින් ඔවුන් ගේ වන ගහණයන් තුළ දීම තෘණ වර්ග ආහාරයට ගැනීමටත් ජලය පානය කිරීමටත් කටයුතු යෙදීමෙන් අලි වැට සඳහා වැය වන විශාල මුදලක් ද ඉතිරි කර ගත හැකි බව ද කීය.