වන අලි සංගණනය වැස්ස නිසා කල් යයි

වන අලි ඇතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිතව මේ දිනවල ඇදහැළෙන වැසි හේතුවෙන් වන අලි සංගණනයට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් අලි සංගණනය සුදුසු වාතාවරණයක් උදාවන තුරු කල් දමන්නැයි වනජීවී හා වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් පවසයි.

වන අලි සමීක්ෂණය -2024 යන මැයෙන් මෙම ඉල්ලීම කර තිබේ. එමගින් අවධාරණය කරන්නේ දැනට සැලසුම් කර ඇති පරිදි 2024 අගෝස්තු මස 17, 18 හා 19 දෙදින තුළ සිදුකිරීමට නියමිත අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසාර විසඳුම් සෙවීමට ක්‍රියාකරන බැවින් එය ඉතාමත් සංවේදී හා අනාගත අලි සම්පතේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවයි.

අලි සංගණනයට සුදුසු වාතාවරණයක් උදාවන තුරු එය කල් දමන්නැයි ලේකම්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කාලීන පුවත්