වන රක්ෂිත ආශ්‍රිතව ගිනි පාලන සතියක් ආරම්භ කරන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනීම් සහ ගිනි තැබීම් වාර්තා වීම ඉහළ යෑමත් සමගයි.
ලබන 24 වැනිදා සිට ගිනි පාලන සතිය ක්‍රියාත්මක බව, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ ය.