වඳුරු උණෙන් අත් මිදෙන්න – මේ උපදෙස් පිළිපදින්න

වර්තමානයේ ලෝකය පුරා ශීඝයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වඳුරු උණ රෝගය මේ වනවිට ආසියානු කලාපයට ද පැතිරීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ. වඳුරු උණ යනු දුර්ලභ ආසාදනයක් වන අතර එය ප්‍රධාන වශයෙන් බටහිර හෝ මධ්‍යම අප්‍රිකාවේ ප්‍රදේශවල වනසතුන් මගින් ව්‍යාප්ත වන්නකි. විශේෂයෙන්ම මීයන් සහ ලේනුන් වැනි සතුන් මගින් එය පැතිරෙන බව විශ්වාස කෙරේ.

වඳුරු උණ ආසාදිත සතෙකුගේ දත් පහර වැදීමෙන් හෝ රුධිරය හෝ සිරුරේ තරල ආදිය ශරීරගත වීමෙන් මෙම රෝගයට ගොදුරු වීමට හැකියාව තිබේ. එමෙන්ම එවැනි සතෙකුගේ සිරුරේ ඇති තුවාල, ලප, බිබිලි ආදිය ස්පර්ශ වීමෙන් ද මෙම රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතී. එපමණක් ද නොව, හොඳින් පිස නොගත් ආසාදිත සතෙකුගේ මස් අනුභව කිරීමෙන් හෝ ආසාදිත සතුන්ගෙන් (සත්ව සම හෝ ලොම් වැනි) වෙනත් නිෂ්පාදන ස්පර්ශ කිරීමෙන් වඳුරු උවදුරට ගොදුරු විය හැකිය.

වඳුරු උණ රෝගය පැතිර යා හැකි අවස්ථා

1. වඳුරු උණ රෝග ඇති අයෙකු භාවිතා කරන ඇඳුම්, ඇඳ ඇතිරිලි හෝ තුවා ස්පර්ශ කිරීම
2. වඳුරු උණ හිත සතෙකුගේ සමේ බිබිලි ස්පර්ශ කිරීම
3. වඳුරු උණ රෝග ඇති පුද්ගලයෙකුගේ කැස්ස හෝ කිවිසුම් යාම මගින සෙම, සොටු ආදිය ශරීරගත වීම
වඳුරු උණ රෝගී උවදුරෙන් වැලකීමට ඔබට කළ හැකි දේ
1. ඔබේ අත් නිතරම සබන් හා වතුරෙන් සෝදන්න.
2. නැත්හොත් ඇල්කොහොල් මත පදනම් වූ අත් සනීපාරක්ෂකයක් භාවිතා කරන්න.
3. හොඳින් පිසූ මස් පමණක් අනුභව කරන්න.

ඔබ නොකළ යුතු දේ

1. මිය ගිය සතුන් ඇතුළු වනසතුන් හෝ අයාලේ යන සතුන් අසලට නොයන්න.
2. අසනීප බව පෙනෙන කිසිම සතෙකු ළඟට නොයන්න.
3. වන සතුන්ගේ මස් (බුෂ් මස්) අනුභව නොකරන්න.
4. අසනීප සහ වඳුරු උණ ඇති විය හැකි පුද්ගලයින් සමඟ ඇඳ ඇතිරිලි හෝ තුවා බෙදා නොගන්න.
5. අසනීප සහ වඳුරු උණ ඇති විය හැකි පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා නොපවත්වන්න.

ඔබ වඳුරු උණ උවදුරට ගොදුරු වුවහොත් පළමු රෝග ලක්ෂණ මතු වීමට සාමාන්‍යයෙන් දින 5 ත් 21 ත් අතර කාලයක් ගත වේ. මේ අතර කාලය තුළ ඔබ ආසාදිතයෙකු වන බැවින් ඔබගෙන් වෙනත් අයට ආසාදනය වීමේ හැකියාව ද පවතී. මේ නිසා හැකිතාක් ප්‍රවේසම් වීම වගකීමකි.

වඳුරු උණ උවදුරේ මූලික රෝග ලක්ෂණ

1. ශරීර උෂ්ණත්වය ඉහළ යාම
2. අධික හිසරදය
3. මාංශ පේශි වේදනාව
4. කොන්දේ කැක්කුම
5. ග්‍රන්ථි ඉදිමුම
6. වෙව්ලීම
7. ඉතා ඉක්මණින් වෙහෙසට පත්වීම

පළමු රෝග ලක්ෂණවලින් දින 1 සිට 5 දක්වා කාලය තුළ කුෂ්ඨ ඇතිවීමට පටන් ගනී. මූලික අවස්ථාවේ මුහුණ පුරා සහ මුහුණ අවට ප්‍රදේශය කැසීමට පටන් ගන්නා අතර පසුව ශරීරයේ අනෙකුත් කොටස්වලට ද පැතිර යයි. මෙම කුෂ්ඨ සාමාන්‍යයෙන් පැපොල රෝගයේ දී ඇතිවන කුෂ්ඨවලට සමාන ය. එය ආරම්භ වන්නේ උස් වූ ලප ලෙස වන අතර එය තරලයෙන් පිරුණු කුඩා බිබිලි බවට පත් වේ. මෙම බිබිලි අවසානයේ කැළැල් ඇතිවන අතර පසුව ඒවා ගැලවී යයි. රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් සති 2 සිට 4 දක්වා කාලයක් තුළ ඉවත් වේ.

වඳුරු උණ උවදුරට ප්‍රතිකාර කිරීම

මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග ලක්ෂණ සමනය කිරීම අරමුණු කරයි. මෙහිදී ඇතිවන කුෂ්ඨ ක්‍රමයෙන් මෘදු වන අතර සති 2 සිට 4 දක්වා කාලයක දී සුවය ලබයි. එසේ නොවුණහොත් විශේෂඥ ප්‍රතිකාර සදහා රෝහල්ගත විය යුතු ය. එවිට ඔබේ රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර කිරීමට සහ ආසාදනය වෙනත් පුද්ගලයින්ට පැතිරීම වැළැක්වීමට පියවර ගනී.

දුලංජලී මුතුවාඩිගේ

ඉරා අදුරුපට