වඳ කළ පිරිමි මදුරුවන් දසලක්ෂයක් ගම්පහට මුදා හැරීමට සැරසෙයි

ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වෙන බව වාර්තා වෙයි.

ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන වෙන් කිරීමටද නියමිතයි.

මෙම මදුරුවන් දසලක්ෂය මුදා හැරීමට ගම්පහ ප්‍රදේශයේ හෙක්ටයාර් තුන්සියයක භූමි ප්‍රදේශයක් ද තෝරා ගෙන ඇති අතර මීට පෙර ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහි නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනකා හපුගොඩ කියා සිටියි.

කාලීන පුවත්