වඳ සැත්කම් නමැති බොරු බිල්ලන් නිසා කුරුණෑගල රෝහලේ දරු උපත් බාගෙට බාගයක් අඩු වෙලා

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී කාන්තාවන් වඳ බවට පත් කරන බවට පසුගිය කාලය තුළ රට පුරා පතුරුවන ලද දුර්මතය නිසා පසුගිය වසර කිහිපය තුළ එහි දරු උපත් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි නාරි හා ප්‍රසව වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පවසයි. පෙර කාලයේ මාසයකට දරුවන් 1,200ක් පමණ බිහිවූ රෝහලේ දැන් එම සංඛ්‍යාව 550-600 දක්වා, එනම් 50%කට වඩා අඩු වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.මින් ඉහත රාජපක්ෂ සමයේ දේශපාලන අවශ්‍යතා මත ‘වඳ සැත්කම්’ නමැති බිල්ලන් මවා පෑ මාධ්‍ය ගොදුරක් බවට පත්වූ වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා මීට කලකට පෙර එම සියලු චෝදනා වලින් නිදහස්වූ අතර ඔහුට වූ අලාභය ගෙවීමට පවා සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවිය.මෙම ව්‍යාජ මතය පැතිරවීමට නිසා රෝහල වෙත දරු ප්‍රසූතියට පැමිණෙන පිරිස් සීමාවීම මත දරු උපත් අඩුවීම ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතල තර්ජනයක් බව ද ඔහු පැවසීය.නාරි හා ප්‍රසව වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා මේ බව පවසා සිටියේන් කුරුණෑගලදී පැවැති මාධ්‍යවේදී නිමල් අබේසිංහ මහතා විසින් රචිත “ගර්භාෂ යුද්ධය” නම් ග්‍රන්ථය පිළිබඳ සංවාදයකට එක් වෙමිනි

කාලීන පුවත්