වයස 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම ගත යුතුයි රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමටත් දැනට සේවයේ නියුතු වයස අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම ගැන්වීමටත් යෝජනා කරන බව ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද(30) පැවසීය. ඒ ඉදිරි වසර හතරක් සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කරමිනි.මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය කථාව ද මෙයයි.