පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලී) මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(12)දිවුරුම් දෙනු ලැබීය.ඒ අනුව රනිල් වික්‍රමසිංහ රජය යටතේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබේ.2015 වසරේ ජනවාරි 05 වන දා අලුයම ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජනපතිවරණ වේදිකාවක සැරසිලි කටයුතු කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ හෙවත් ඩී.ජී සුනිල් පෙරේරා යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී .සිට ඉන් නිදහස් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කලක් සිරගෙදර සිට පාර්ලිමේන්තු ආ අයෙකි. ඔහුගේ දියණියගේ විවාහ උත්සවය ඉකුත් සතියේ පැවති අතර එහි සාක්ෂි කරුවන් වූයේ ජනපති රනිල් වික්‍රමසිංහ සහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ය.