අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්යසාධනය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
වල්ලපට්ට ශාකය ප්‍රවර්ධනය සම්බන්ධව ඇති ගැටලු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී කාරක සභාව විමසා සිටියේ වල්ලපට්ට ශාකයේ පවතින වැදගත්කම කුමක්ද යන්නයි. එසේම මෙය පරිසරයට හානි කර ශාකයක්දැයි කාරක සභාව විසින් විමසා සිටින ලදි. පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ සුවඳ විලවුන් කර්මාන්තය සඳහා මෙම ශාකය යොදාගත් බවත් මේ වන විට පෙර පැවති ඉල්ලුම අඩු වි ඇති බවත්ය. එසේම මෙම ශාකය වගාකිරීමෙන් පරිසර හානියක් සිදු නොවන බව පෙන්වා දුන් පැමිණ සිටි නිලධාරීන් කෘෂි භෝගයක් ලෙස මෙම භෝගය වගාකිරීමට සුදුසු භෝගයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.