ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ප්රමුඛ පෙළේ වෘත්තීය සමිති ක්රියාකාරිනියක වන ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.ඒ එංගලන්තයේ වෙසෙන සිය දියණිය බැලීමට ගොස් සිටින අතර ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙනි.පසුගිය ගාලු මුවදොර අරගල සමයේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් නොබියව ඉදිරිපත් වීම නිසා එවක ඇය බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වූවා ය.හඳපාන්ගොඩගේ දේහය ශ්රී ලංකාවට රැගෙන ඒම සඳහා සතියක පමණ කාලයක් ගත විය හැකියැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.