වසන්ත විට්ටච්චි සදහටම සමු ගනී

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකු මෙන්ම සම්මානනීය රංග ධරයකු වූ වසන්ත විට්ටච්චි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබනමින් සිටියදී ය.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65 කි.වේදිකාව සහ ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනට සිය රංගන කෞශල්‍යයෙන් හා වේශ නිරූපණයෙන් ඔප් නැංවූ කලාකරුවෙකු වූ ඒ මහතා වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස කලා ලොවට පිවිස, ඔහු පසු කාලීනව රංගනයට පිවිස ඇති අතර සිංහල නාට්‍ය කලාවේ අංග රචනයට හිමි වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමි කර ගත් වේශ නිරූපණ ශිල්පියා ද ඔහු බව පැවසෙයි.වසන්ත විට්ටච්චි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කරති.

කාලීන පුවත්