වසර 13කට පසු අලි සමීක්ෂණය ඇරඹෙයි

වසර 13කට පසු සිදුකරන වන අලි සමීක්ෂණය මධ්‍යස්ථාන තුන්දහස් එකසිය තිහකදී අද(18)ආරම්භ කරන ලදී.මේ යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කවුඩුල්ල, මින්නේරිය, මාදුරුඔය, සෝමාවති සහ වස්ගමුව යන වනෝද්‍යානවලදී සංගණන කටයුතු සිදු කෙරේ.පොලොන්නරුව කලාප බාර අඩවි වන ජීවි කාර්යාලය මගින් කණ්ඩායම් 33ක් යොදවායි සංගණන කටයුතු සිදු කෙරෙන අතර 2011 වසරෙන් පසු වන අලි සමීක්ෂණයක් සිදු කෙරෙන මුල්ම අවස්ථාව මෙයයි.මෙරට වාසය කරන වන අලි ග්‍රහණයේ ගුණාත්මක බව නිරූපණය කළ හැකි අනුපාත අගයන් යන ආදිය සම්බන්ධ දැනුම යාවත්කාලීන කර ගැනීම මෙහි අරමුණ බව ද පැවසෙයි.

කාලීන පුවත්