Lord of the Rings චිත්‍රපට මාලාව මෙයට කලකට පෙර සිනමා ලෝලීන් දැඩි ලෙස ආකර්ශණය කරගත් චිත්‍රපට පෙලක් වුණා. සිනමාපට තුනකින් සමන්විත වූ එම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය තිරගත වූයේ 2001 වසරේ යි. එයින් වසර 23 කට පසු දැන් නැවතත් -Lord of the Rings ගැන කතාබහක් ඇති වී තිබෙනවා. ඒ, මෙම චිත්‍රපට මාලාවේ අලුත්ම සිනමාපට දෙකක් නිර්මාණය කිරීමට සූදානමක් ඇති බව වාර්තා වීමත් සමග යි. මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල නිවේදනය කර තිබුණේ හොලිවුඩයේ ප්‍රකට චිත්‍රපට නිශ්පාදන සමාගමක් වන වෝනර් බ්‍රදර්ස් සමාගම යි.
2001, 2002 සහ 2003 යන වසරවල තිරගත වූ පළමු චිත්‍රපට තුන හැඳින්වුණේ පිලිවෙලින් The Lord of the Rings: The Fellowship of the Ring, The Lord of the Rings: The Two Towers සහ The Lord of the Rings: The Return of the King යන නම්වලිනු යි. හොලිවුඩ් සිනමා රසිකයන් අමුතුම ලොවකට ගෙන යන්නට සමත් වූ මෙම චිත්‍රපට දැවැන්ත පරිමාණයේ නිශ්පාදන වූ බව රහසක් නොවෙයි.
මෙම අලුත් චිත්‍රපට දෙකෙන් පළමු චිත්‍රපටය දැනට නම් කර ඇත්තේ The Lord of the Rings: The Hunt for Gollum යනුවෙන්. සමහර විට මේ නම පසුව වෙනස් විය හැකියි. චිත්‍රපටයේ තිරනාටකය රචනා කිරීමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් ඇති බව සඳහන් වෙනවා.
2001, 2002 සහ 2003 යන වසරවල තිරගත වූ පළමු චිත්‍රපට තුන හැඳින්වුණේ පිලිවෙලින් The Lord of the Rings: The Fellowship of the Ring, The Lord of the Rings: The Two Towers සහ The Lord of the Rings: The Return of the King යන නම්වලිනු යි. හොලිවුඩ් සිනමා රසිකයන් අමුතුම ලොවකට ගෙන යන්නට සමත් වූ මෙම චිත්‍රපට දැවැන්ත පරිමාණයේ නිශ්පාදන වූ බව රහසක් නොවෙයි. මෙම පළමු චිත්‍රපට තුන සඳහා ඇ. ඩොලර් මිලියන 280 ක් පමණ වැය වූ බව සඳහන්. ඒවා ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ අතර මෙම චිත්‍රපට විසින් උපයන ලද ආදායම ඇ. ඩොලර් බිලියන 3 කට ආසන්න බව පැවසෙනවා.
සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද ඉමහත් පැසසුමට ලක් වූ මෙම චිත්‍රපට පෙල හොලිවුඩ් සිනමාවට විශාල බලපෑමක් කළ චිත්‍රපට පෙලක් ලෙස සැලකෙනවා. මේ චිත්‍රපට අතරින් අවසන් සිනමාපටය වූ The Lord of the Rings: The Return of the King චිත්‍රපටය 2004 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලේ දී සම්මාන 11 ක්ම දිනාගන්නට සමත් වුණා.
Lord of the Rings චිත්‍රපටවලට පසුබිම් වූයේ අසීමිත බලයක් සහිත මුද්දක් පිලිබඳ කතාවක්. එම මුද්ද හැඳින්වෙන්නේ වන් රිංග් :ධබැ ඍසබට* යනුවෙන්. මේ මුද්ද නිසා සෞරොන් නැමැති දුෂ්ට පාලකයාට විශාල බලයක් හිමි වෙනවා. මෙම බලය නිසා සිදුවිය හැකි නපුර ගැන දන්නා පාර්ශ්ව මෙම මුද්ද විනාශ කිරීමට උත්සාහ කරනවා. මෙම උත්සාහය සහ එහි දී එල්ල වන අභියෝග ආදිය තමයි The Lord of the Rings චිත්‍රපට මාලාවට පාදක වන්නේ.
සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම සිනමා විචාරකයන්ගේ ද ඉමහත් පැසසුමට ලක් වූ මෙම චිත්‍රපට පෙල හොලිවුඩ් සිනමාවට විශාල බලපෑමක් කළ චිත්‍රපට පෙලක් ලෙස සැලකෙනවා. මේ චිත්‍රපට අතරින් අවසන් සිනමාපටය වූ The Lord of the Rings: The Return of the King චිත්‍රපටය 2004 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලේ දී සම්මාන 11 ක්ම දිනාගන්නට සමත් වුණා. හොඳම චිත්‍රපටය, හොඳම අධ්යක්ෂ, හොඳම අනුවර්තිත තිරනාටකය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම වේෂ නිරූපනය, හොඳම සංගීතය, හොඳම ගීතය, හොඳම ශබ්ද සංයෝජනය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග යන ප්‍රධාන සම්මාන සියල්ල හිමි වූයේ මෙම සිනමාපටයට යි.
මෙම චිත්‍රපටවල ප්‍රධාන චරිතය වූ ෆ්‍රෝඩෝ බැගින්ස් ගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. එම චරිතයට පණ දුන් එලයිජා වුඩ් ද මෙම සිනමාපට නිසා මහත් ජනප්‍රියත්වයක් හිමි කරගත්තා. Lord of the Rings පළමු සිනමාපටයේ රඟපාද්දී වයස අවුරුදු 20 ක පමණ තරුණයකු වූ එලයිජාගේ දැන් වයස අවුරුදු 43 ක්.
ඛදරා දf එයැ ඍසබටි මුල් චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් හමුවට ආ බිල්බෝ බැගින්ස්, සරුමාන් යන චරිත නිරූපනය කළ ඉයන් හෝම් සහ ක්‍රිස්ටෝෆර් ලී මේ වනවිට ජීවතුන් අතර නැහැ.
මෙම මුල් චිත්‍රපට තුනේ මෙන්ම ඒ හා බැඳුණු The Hobbit චිත්‍රපට මාලාවේ ද අධ්යක්ෂවරයා වූයේ අති දක්ෂ සිනමා අධ්යක්ෂවරයකු වන පීටර් ජැක්සන්. නමුත් ඉදිරියේ දී නිර්මාණය වීමට නියමිත Lord of the Rings චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඔහු නොවන බවයි පැවසෙන්නේ. මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන්නේ ඇන්ඩි සර්කිස්. පළමු චිත්‍රපටවල ඔහු තමයි ගොලම් නැමැති චරිතයට කට හඬ දුන්නේ. ගොලම් ගේ චරිතය ද ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දුන් අපූරු චරිතයක් වූ බව සඳහන් කළ හැකියි.
පීටර් ජැක්සන් මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළත් ඔහු නිශ්පාදකවරයකු ලෙස ඒවාට දායක වනු ඇති බව පැවසෙනවා.
ඉදිරියේ දී නිශ්පාදනය වන චිත්‍රපට දෙක බොහෝ දුරට ගොලම් චරිතය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වනු ඇති බවත් සඳහන්. Lord of the Rings චිත්‍රපට මාලාව නිර්මාණය වූයේ ජේ.ආර්. ආර්. ටොල්කීන් නැමැති ලේඛකයා විසින් රචිත නවකතා පෙලක් ඇසුරෙනුයි.
මේ අතර Lord of the Rings ඇනිමෙ චිත්‍රපටයකුත් තව මාස කිහිපයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිත යි. මෙම සිනමාපටයේ නම The Lord of the Rings: The War of Rohirrim’ එය ලබන දෙසැම්බර් මස 13 වැනි දින සිනමාශාලා වෙත පැමිණෙනු ඇති බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
නිහාල් පීරිස්