අලි බාබා සමාගමේ නිර්මාතෘ, චීන ජාතික ජැක් මා ව්‍යාපාරික ලෝකයේ සුප්‍රකට චරිතයකි. එමෙන්ම ඔහුගේ ව්‍යාපාර ද ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් උසුළයි. ඔහු චීනයේ ඉහළම ධනවතුන් අතරට ද අයත් වන කෙනෙකි.
කෙසේ නමුත් ඔහු පසුගිය වසර පහක පමණ කාලයක් ජීවත් වූයේ ඉතා අප්රසිද්ධියේ යයි කිව හැකිය. ජැක් මා ගැන වැඩි කතාබහක් නොවුණු අතර ඔහු ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ ද නැත. ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකු ලෙස වැජඹුණු ජැක් මා හදිසියේ මේ ආකාරයෙන් සමාජයෙන් සැඟ වී යාම විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය.
සාමාන්‍යයෙන් චීන රජයේ කටයුතු මේ ආකාරයෙන් සෘජුව විවේචනය කිරිම අනතුරුදායක කටයුත්තක් ලෙස පිලිගැනේ. ජැක් මා ඉහත කී ප්‍රකාශය කිරීමෙන් පසු ඔහු යම් පලිගැනීමකට ලක් වූ බවක් දැක ගන්නට ලැබිණි. ඔහු එකල ANT Group නැමැති සමාගමක කොටස් වෙළෙඳපොලට නිකුත් කිරීමට සූදානමින් සිටි අතර බලධාරීහු එය නතර කිරීමට පියවර ගත්හ. මෙය ඇතැමුන් සැලකුවේ ව්‍යාපාරික ලෝකයේ විශාල බලයක් හිමි කරගනිමින් සිටි ජැක් මා ‘ආම්බාන් කිරීමට’ ගත් උත්සාහයක් ලෙසිනි.
මේ සම්බන්ධයෙන් කියැවුණු එක් කතාවක් වූයේ ඔහුව චීන රජය විසින් ‘‘නිහඬ’’ කරන ලද බව යි. 2020 වසරේ ජැක් මා විසින් කරන ලද ප්‍රකාශයක් චීන බලධාරීන්ගේ උදහසට ලක්ව තිබූ බවක් පැවසිණි. ඔහු මෙම ප්‍රකාශය කර තිබුණේ එරට පැවැති ව්‍යාපාරික සමුළුවක දී යි. එහි දී ජැක් මා චීනයේ රාජ්‍ය බැංකු පද්ධතිය ද, මූල්‍ය අංශයේ නිලධාරීන් ද විවේචනය කරමින් කතා කළේය. ඔහු පැවසුවේ මූල්‍ය ක්ෂේත්රයට පනවා ඇති රෙගුලාසි නිසා එහි නිර්මාණාත්මක වර්ධනයට බාධා එල්ල වන බවයි.
සාමාන්‍යයෙන් චීන රජයේ කටයුතු මේ ආකාරයෙන් සෘජුව විවේචනය කිරිම අනතුරුදායක කටයුත්තක් ලෙස පිලිගැනේ. ජැක් මා ඉහත කී ප්‍රකාශය කිරීමෙන් පසු ඔහු යම් පලිගැනීමකට ලක් වූ බවක් දැක ගන්නට ලැබිණි. ඔහු එකල ANT Group නැමැති සමාගමක කොටස් වෙළෙඳපොලට නිකුත් කිරීමට සූදානමින් සිටි අතර බලධාරීහු එය නතර කිරීමට පියවර ගත්හ. මෙය ඇතැමුන් සැලකුවේ ව්‍යාපාරික ලෝකයේ විශාල බලයක් හිමි කරගනිමින් සිටි ජැක් මා ‘ආම්බාන් කිරීමට’ ගත් උත්සාහයක් ලෙසිනි.
කෙසේ හෝ වේවා, මෙම සිදුවීම් දාමයෙන් පසු ජැක් මා කෙමෙන් දර්ශණපථයෙන් මැකී යන්නට විය. ඔහු ප්‍රසිද්ධියේ එතරම් දක්නට ලැබුණේ නැත. 2022 වසරේ ඔහු පවුලත් සමග ජපානයට ගිය බවක් ද පැවසිණි. කලින් චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුනු ඔහු එම ස්ථානයෙන් ද පහතට වැටිණි.
කෙසේ හෝ වේවා, පසුගිය දිනවල ජැක් මා නැවතත් මාධ්‍ය තුළ මාතෘකාවක් බවට පත්ව සිටිනු දැක ගන්නට ලැබිණි. එ් වසර පහකට ආසන්න කාලයක් අප්රසිද්ධියේ ජීවත් වීමෙන් පසු එක්තරා ප්‍රධාන පෙලේ ව්‍යාපාරික හමුවක දී ඔහු දැක ගන්නට ලැබීම නිසා ය. මෙම ව්‍යාපාරික හමුව චීන ජනාධිපති ෂි ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැති එකක් වීම ද විශේෂත්වයක් විය.
පසුගිය 17 වැනි දින පවත්වා තිබූ මෙම හමුවට චීනයේ ව්‍යාපාරික ක්ෂේත්රයේ දැවැන්තයන් රැසක් සහභාගි වී සිටි බවක් වාර්තා විය. ජැක් මා ද එහි ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටිනු දැක ගන්නට ලැබිණි. එමෙන්ම ජනාධිපතිවරයා ඔහුට අතට අත දෙමින් සිනාමුසුව කතා කරන ආකාරය දැක්වෙන ඡුායාරූප ද මාධ්‍ය තුළ පළ වී තිබිණි. නමුත් ජැක් මා ට මෙම හමුව අමතා කතා කිරීමට අවස්ථාව නොලැබුණු බව සඳහන් වේ. එයින් අදහස් වන්නේ තවමත් ඔහුගේ නිදහස යම් පමණකට අහුරා ඇති බව ද යන ප්රශ්නය ඇතැම් මාධ්‍ය මතු කර තිබෙනු දැකගත හැකි විය.
කෙසේ වෙතත්, ජැක් මා මේ ආකාරයෙන් නැවත දැක ගන්නට ලැබීම ඔහුට ආදරය කරන චීන ජාතිකයන් තුළ සතුටක් ඇති කර තිබෙන බව පෙනේ. බොහෝ දෙනෙකු ඔහුට සුබ පතමින් සමාජ මාධ්‍ය තුළ පණිවුඩ සටහන් කර තිබිණි. ‘ආරක්ෂිතව නැවත ගොඩ බැසීම ගැන සුබ පැතුම්’ එවැනි එක් සටහනක එසේ සඳහන් විය.
ජැක් මා මෙලෙස නැවත කරළියට පැමිණීම චීන ව්‍යාපාරික ක්ෂේත්රයට සහ ආර්ථිකයට තල්ලූවක් ලබා දෙන්නක් වනු ඇති බවට ද ඇතැමුන් අදහස් දක්වා තිබිණි.
මේ වනවිට 60 වැනි වියෙහි පසුවන ජැක් මා ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසෙන්නට පෙර කටයුතු කර තිබුණේ ඉංගි්රසි ගුරුවරයෙකු වශයෙනි. ඔහුට එ් කාලයේ පරිගණක ගැන හෝ අන්තර්ජාලය ගැන හෝ ලොකු අවබෝධයක් තිබී නැත. නමුත් ඔහු පසු කාලයේ ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සමාගමක් ආරම්භ කරමිනි.
මේ වනවිට චීනයේ ආර්ථිකය යම් යම් ගැටලූවලට මුහුණ දෙමින් සිටින අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ චීන විරොධී ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී තවත් ගැටලූ ඇති විය හැකි බව විශ්වාස කෙරේ. මෙම ආර්ථික පසුබිම තුළ නිර්මාණශීලී ව්‍යවසායකයන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් චීනයට අවශ්‍යව තිබේ. මේ නිසා ජැක් මා වැනි ව්‍යාපාරිකයන් වඩ වඩාත් ඉදිරියට ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා විය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස යි.
ජැක් මා ඔහුගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ ඉතා සුළුවෙනි. මුලින්ම මෙම කටයුතුවලට මුල පුරා තිබුණේ ඔහු ජීවත් වූ තට්ටු නිවාසයේ සිට බව සඳහන් වේ. එහි දී පරිගණක පිලිබද දැනුම ඇති මිතුරන්ගේ සහය ඔහුට ලැබී තිබිණි.
ජැක් මා විවාහ වී සිටින්නේ ෂැංග් යිං සමග ය. ඔවුන් විවාහ වූයේ 1988 වසරේ යි. ඔවුන් දෙදෙනාට එක් පුතෙක් සිටියි. ඔහුගේ නම මා යුවාන්කුන් ය.
කෙසේ හෝ වේවා, වසර ගණනක් තිස්සේ අප්රසිද්ධියේ ජීවත් වූ ජැක් මාට නැවත කරළියට එන්නට ඉඩ පෑදුනේ මන්ද යන්න ගැන ද මේ වනවිට විවිධ අදහස් පළ වේ. මේ වනවිට චීනයේ ආර්ථිකය යම් යම් ගැටලූවලට මුහුණ දෙමින් සිටින අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ චීන විරොධී ප්‍රතිපත්ති නිසා ඉදිරියේ දී තවත් ගැටලූ ඇති විය හැකි බව විශ්වාස කෙරේ. මෙම ආර්ථික පසුබිම තුළ නිර්මාණශීලී ව්‍යවසායකයන්ගේ දායකත්වය වැඩි වැඩියෙන් චීනයට අවශ්‍යව තිබේ. මේ නිසා ජැක් මා වැනි ව්‍යාපාරිකයන් වඩ වඩාත් ඉදිරියට ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා විය හැකි බව විශ්ලේෂකයන්ගේ අදහස යි.
නිහාල් පීරිස්