ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ බැස ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
(28) දිනයේ සිට නගර කිහිපයකම වායු තත්ත්ව දර්ශකය 100ත් / 150ත් අතර මට්ටමක පහත බැස ඇති බවයි ඔවුන් පවසයි.
සුළං රටාවත් සමග බාහිර රටවලින් එන වායු දූෂක එකතු වීමෙන් වායු ගුණ තත්ත්ව දර්ශකය අඩු වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ .
විශේෂයෙන් යාපනය, දඹුල්ල , කුරුණෑගල , කොළඹ සහ ගාල්ල යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අඩුවී ඇති බව ඒ මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය මත හුස්ම ගැනිමේ අපහසුතාවක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි ඒ මහතා පෙන්වා දෙයි.