වායු දූෂණය පිටුදැකීමේ දිනය අදයි

ලබන මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘ඵලදායී භූමි පරිභෝජනය තුළින් සුවබර දෙරණක්’ යන තේමව ඔස්සේ පරිසර දිනය සැමරීමේ සතියක් රජය මගින් ක්‍රියාවට නංවා තිබේ.ඒ අතර මැයි 31 දිනය (අද) වායු දූෂණය පිටුදැකීම වෙනුවෙන් වෙන්කරන ලද දිනය ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නම් කර ඇත.මෙහි ප්‍රධාන වැඩසටහන අද පරිසර අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල, මධ්‍යම පරිසර අධිකාරිය හා සහයෝගීව සංවිධානය කර ඇත.ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් දිවයින පුරා දැනුවත් කිරීමේ හා වාහන අහඹු පරීක්ෂා කිරීමේ වැඩසටහන් රාශියක් මැයි 28 දා සිට 31 දා දක්වා ක්‍රියාත්මක කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්