වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය, ඉදිරි දින කිහිපය තුළ, එහි සිදුවිය හැකි වර්ධනය සහ බලපෑම හේතුවෙන් ගංගා ද්‍රෝණි 12ක් ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංගා ද්‍රෝණි රැසක ගංවතුර අවදානමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු, මා ඔය, යාන් ඔය, මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙනි ආරු, ගල්ඔය, හැඩ ඔය සහ විල ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිතව පදිංචිව සිටින ජනතාව මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය පිළිබඳ විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කාලීන පුවත්