වාසු විමල් ගම්මන්පිල ඉවතට; රජය ලබන වසරේ අලුත් ගමනක

වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ,සහ උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කොට නව වසරේ රජය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට තීරණය කොට තිබේ.එමෙන්ම නව වසරේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමටත් අමාත්‍යංශ ලේකම් පදවි කිහිපයක් වෙනස් කිරීමටත් ආණ්ඩුවේ ප්‍රධානීන් තිරණය කොට ඇති බව පැවසේ.අදාළ අමාත්‍යවරුන් සමඟ ආණ්ඩුව තවදුරටත් ඉදිරියට කරගෙන යා නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට ප්‍රථම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් පැවසේ. එමෙන්ම ඉන් පසුව ඇති වන තත්වය යටතේ රජයේ ස්ථාවර බව රැක ගැනීම පිණිස විපක්ෂ මත්ත්‍රී වරුන් කිහිප දෙනකු ආණ්ඩුවට සම්බන්ධ කරගෙන තනතුරු ලබා දීමේ සැලසුමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් තම විරෝධය පළ කොට ඇති බවත් රජයේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි

කාලීන පුවත්