වාසු, විමල්, ගම්මන්පිල ඇමති කම් වලින් ඉවත් නොකරන්නේ ඇ‍යි?

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කැඩූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.ඔහු මේ බව කියා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවේ දී කරුණු ඉදිරිපත් කරමිනි.ඒ මහතා කරුණු දැක්වූයේ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙනි.කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කැඩූ එම ඇමතිවරුන් තිදෙනා අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා විසින් ඉවත් කළ යුතුව ඇතත් මෙතෙක් එය සිදු කර නොමැත්තේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ඔවුන් නඟන විරෝධය පදනම් සහගත එකක් නිසා බව ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය

කාලීන පුවත්