පාදෙණිය හරහා අනුරාධපුර තෙක් වැටී ගත් රාජධානී පිවිසුම මාර්ගයේ ගල්ගමුව මීගස් හන්දියේ දී ඊයේ (12) රාත්‍රී වාහනයක ගැටුණු වන අලි පැටවකු එම ස්ථානයේ දීම මිය ගොස් ඇති අතර වාහනයේ පැමිණි කිසිවකුටත් අනතුරක් සිදුවී නැති බව පැවසෙයි .අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට අනුරාධපුර ධාවනය වෙමින් තිබූ අයත් වාහනයකි.නිල නොවන ආරංචි මාර්ග අනුව මෙම රථයෙන් දෙමාපියන් සමග දරු දෙදෙනෙකු පැමිණ ඇති බව පැවසේ.
මෙම මාර්ගයේ රාත්‍රී කාලයට වන අලින් මාරු වීම සාමාන්‍ය දෙයක් වන අතර එම ස්ථානයේ පවා ඒ සම්බන්ධ අනතුරු සංඥා පුවරු සවි කොට තිබිය දී පූර්ව අවධානයෙන් තොරව වාහන පැදවීම මෙම අනතුරු වලට හේතුවන බව ප්‍රදේශ වාසීහු කියති. නමුත් මේ පුවරු රාත්‍රී කාලයට රියැදුරන්ට දර්ශනය වන්නේ ද යන්න ද ගැටළුවක් ව පවතී.ඒ කෙසේ හෝ ප්‍රදේශවාසීන් පවසනුයේ බොහෝ වාහන අධික වේගයකින් යුතුව මෙම ප්‍රදේශය පසු කිරීම ද මෙවන් ඛේදනීය තත්වයන්ට හේතු වන බව ය.මේ අතර ඒ ස්ථානය අද්දර වැටී තිබූ වන අලි පැටවා ගේ සිරුර දැක ගැනීමට ප්‍රදේශ වාසීන් පැමිණෙමින් සිටින අතර ඔවුන් කඳුළු සුසුම් අතරින් වන අලි පැටවා ගේ සිරුර මතට සුදු මල් දමා ඇති අන්දම එම මාර්ගයේ ගම කරමින් හිඳින කාගේත් දෙනෙතට කඳුළු නංවන දර්ශනයක් වී තිබේ.
චන්ද්‍රරත්න ඉලංගකෝන්-ගල්ගමුව