වාහන ආනයනය ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින්

මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි.

ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි.වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ය.

ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇති බව සඳහන් ය.

කාලීන පුවත්