වාහන කොටස් ගෙන්වා මෙරට දී එකලස් කිරීමට කැබිනට් අනුමැතිය

මේ දක්වා නීත්‍යානුකූල අවසරයක් හිමි ව නොතිබූ පිටරටින් වාහන කොටස් ආනයනය කොට මෙරට දී එකලස්කිරීම පිණිස පෞද්ගලික අංශයට අවසර දීමට අද(07)පැවැති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා යොමු කළ කැබිනට් පත්‍රිකාවකට අනුවය.මේ වන විට රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ආනයනය අත්හිටුවීම මත දේශීය වෙළඳ පළේ වාහන මිල ඉහළ නැංවීම පාලනය කිරීම සඳහා රජය මෙම තීරණය ගෙන තිබේ.

කාලීන පුවත්