රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේ දී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට හෝ පැවරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩි දුරටත් පවසයි.