වාහන වලින් පැමිණ වගා බිම් වල ඵලදාව සොරා කති.

උඩවලව,සුරියවැව,ඇඹිලිපිටිය ආශ්‍රිත කෙසෙල්,අඹ ආදී වගා බිම් වල ඵලදාව සොරුන් ගෙන් ආරක්ෂා කර ගැනීම බරතල ගැටළුවක් වී ඇතැයි වගා කරුවෝ පවසති.වාහන වලින් පවා පැමිණෙන විවිධ කණ්ඩායම් මෙම වගා බිම් වලට ඇතුළු වී ඵලදාව සොරා කෑම පාලනය කිරීමට සාමාන්‍ය මුරකරුවන් යෙදීම ද ඵල රහිත බව ඔව්හු පෙන්වා දෙති.මේ අතර මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි.මෙම සැකකරුවන් සිව්දෙනා ඉකුත් 27 දා පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය කියයි.

කාලීන පුවත්