වැට් බද්ද ඉහළ දැම්මත් පාන් බනිස් මිල එහෙමමයි

සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ නංවා ඇතත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වන රටේ බහිතර ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.එලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ මුත් එවන් තත්වයක් යටතේ බේකරි කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමේ අසීරුව හා ඉන් බේකරි හිමියන්ට එල්ල වන විශාල පාඩුව පිළිබඳව රජය සමග සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බව ද ජයවර්ධන මහතා පැවසීය.

කාලීන පුවත්