වැඩ බලන ජනපති රනිල්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) ව්‍යවස්ථාව අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නමුදු ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසනුයේ මේ අවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා ජනතා අභිලාෂයන් ගැන සිතා කටයුතු කළ යුතු බවකි.එසේ නොකළහොත් මෙම තත්වය මහා විනාශයක් දක්වා ඇදී යා හැකි බව ද ඒ මහතා කියයි.

කාලීන පුවත්