අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධා කරමින් වැඩ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.2024 ජනවාරි මස 03, 04, 05 යන දිනයන්හි ඇතැම් සේවක පිරිස් විසින් ගෙන යන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන්වලට බාධා වූ බවට මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇති බව අදාළ ලිපියේ සඳහන් වේ.