වැරදි සහගත ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උසාවි යනවා

තමන් නොමැතිව මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට නිසි ගණ පූර්ණයකින් තොරව රැස්වී, තම අනුදැනුමකින් සහ මහජන උපදේශනයකින් කිරීමකින් තොරව විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.ඒ විදේශ රටක සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.තමන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වශයෙන් මෙම පියවර ගන්නා බව ද ඔහු කීය.එමෙන්ම සිය කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිදු විරෝධයක් නොමැති බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්