වැලිගම ආදාහනාගාර සමරු ඵලකයේ පනස් එක් දෙනෙකුගේ නම් ලැයිස්තුවක්

වැලිගම ප්‍රාදේශීය සභාව මඟින් ඉදි කොට පසුගිය 18 වන දා උත්සවාකාරයෙන් ආරම්භ කරන ලද වැලිගම ආදාහනාගාරය සහ අවමංගල්‍යයාගාරයේ සමරු ඵලකයේ ජනාධිපත් වරයාගේ අගමැති වරයාගේ මැති ඇමති වරුන්ගේ සිට විවිධ තරාතිරම් වල දේශපාලනඥයන් පනස් එක් දෙනකුගේ නම් සඳහන් වීම සම්බන්ධයෙන් සමාජ ජාල වල හාසෝත්පාදක සටහන් සංසරණය වෙමින් පවතී.ජනතාවගේ බදු මුදලින් මෙවැනි මහජන සේවාවන් පවත්වාගෙන යාම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනිවාර්ය වගකීමක් බව තහවුරුව තිබිද දී එහි සමරු ඵලකය සඳහා රාජ්‍ය නායකයාගේ සිට මෙතරම් දිගු නම් ලැයිස්තුවක් යෙදීම හාස්‍යයට කරුණක් බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ එක් සමාජ ජාල ක්‍රියා කාරිකයකු සඳහන් කොට තිබුණේ අනිත්‍යය මෙනෙහි විය යුතු මෙබඳු ස්ථානයක මෙබඳු ඵලකයක් දකින්නවුන් හට ඉබේම “අනේ අනිච්ව්ං”කියැවෙන බැවින් මෙම පුවරුව ඉවත් නොකළ යුතු බවය.මෙම ආදාහනාහාරය පිහිටා ඇත්තේ වැලිගම වරකාපිටියේය.

කාලීන පුවත්